යුක්‍රේනයේ කාකිවු නගරයට ප්‍රහාරයක්

මැයි 20, 2024
    යුක්රේනයේ දෙවැනි විශාලත නගරය වන කාකිවු නගරයට රුසියානු ගුවන් ප්රහාරයක් එල්ල වී තිබෙනවා.

    ප්රහාරයෙන් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    යුක්රේනයේ ඊසානදිග ප්රදේශයට රුසියානු ගුවන් ප්රහාර පසුගිය සති කිහිපය පුරා එල්ල වුණා. මෙම ගැටුම් හමුවේ පසුගිය සෙනසුරාදා එම කලාපයේ ජනතාව 9,000 කට අධික පිරිසක් ඉවත් කළ බවයි, කාකිවු ආණ්ඩුකාරවරයා විදෙස් මාධ්යයට පැවසුවේ.
     
    මේ අතර, රුසියානු සහ යුක්රේන දේශසීමාවේ පිහිටි බෙල්ගරොඩ් ප්රදේශයට එල්ල වූ මිසයිල ප්හාරය හමුවේ කර්කිව් නගරයේ පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති බව, යුක්රේපන බලධාරීන් ප්ර කාශ කොට සිටිනවා. මිය ගිය අය අතර ගැබිණි කාන්තාවන් ද සිටින බවයි, වාර්තා වන්නේ.
    Last modified on සදුදා, 20 මැයි 2024 15:27

    Latest News