“එක්සෑම් වොරියර්ස්“ කෘතියට පාදක වූ බෞද්ධ ඉගැන්වීම්; මෝදි

අගෝ 18, 2019

    සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ භූමිය බවට පත්වීම, ඉන්දියාවේ භාග්‍යයක් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

    භූතානයේ රාජකීය විශ්වවිද්‍යාලයේ දේශනයකට අද එක්වෙමින්, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ “එක්සෑම් වොරියර්ස්“ නමැති තම කෘතියට පාදක වූයේ ද බෞද්ධ ඉගැන්වීම් බවයි. “ඉන්දියාවේ උපත ලැබූ සිද්ධාර්ථ කුමරුන්, ගෞතම බුද්ධත්වයට පත්වීම නිසා බුදු දහමේ ආලෝකය සමස්ත ලොව පුරා පැතිරි ගියේ ඉන්දියාවේ සිටයි. පරම්පරා කිහිපයක් බෞද්ධ භික්‍ෂූන්, ආගමික නායකයන් සහ විද්වතුන් මේ ආලෝකය තවදුරටත් ශක්තිමත් කළා. මීට දින කිහිපයකට පෙර, ඔබේ අග්‍රාමාත්‍යවරයා වන ආචාර්ය ෂෙරීන්ග්, මුහුණු පොතේ තැබූ සටහනක් මගේ හදවතට බොහෝ සමීප වුණා.

    එහිදී ඔහු සඳහන් කරන්නේ විභාග භීතිකාවක් පිළිබඳව. මා ඔබට එක දෙයක් කියන්නද? “එක්සෑම් වොරියර්ස්“ නමැති මා සම්පාදනය කළ කෘතියට පදනම වුණෙත් බෞද්ධ ඉගැන්වීමයි. බිය දුරු කිරීම, ධනාත්මක චින්තනය, ඒකීයත්වය වැනි දේ කෙරෙහි මා අවධානය යොමු කළා“ සාර්ථකව විභාගයකට මුහුණදීමේ උපදෙස් ඇතුළත් “එක්සෑම් වොරියර්ස්“ කෘතිය, ඉකුත් වසරේ රචනා කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්. මානසික ආතතිය මඟහරිමින් විවේකය සහ නින්ද අවශ්‍ය තරම් ලබමින් විභාග සඳහා මුහුණ දිය යුතු ආකාරය ඔහු එමඟින් පැහැදිලි කර තිබේ.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 10:23

    Latest News