වසර 16කට පසු අමෙරිකාවේ යළි මරණ දඩුවට

ජූලි 26, 2019

    අමෙරිකාව වසර 15කට පසු මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    රාජ්‍ය මට්ටමින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමටයි, මේ අනූව තීරණය කර ඇත්තේ. දරුණු ගණයේ අපරාධකරුවන්ට එරෙහිව මරණ දඩුවම යළි ක්‍රියාත්මක කරන බව, අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියා සිටියි. නීතිපති විළියම් බා බන්ධනාගාර කාර්යාංශයට උපදෙස් ලබා දී ඇත්තේ රැඳවියන් 5 දෙනෙකුට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ලෙසයි. ලබන දෙසැම්බර් හා ජනවාරි මාසවල දී ඒවා සිදු කිරීමටයි, නියමිතව ඇත්තේ.

    ළමා දූෂණවලට වැරදිකරුවන් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන්ට එරෙහිව මරණ දඩුවම යළි ක්‍රියාත්මක කෙරෙන්නේ, 2003 වසරෙන් පසුවයි. 1988 වසරේ සිට 2018 දක්වා කාලය තුළ පුද්ගලයන් 78 දෙනෙකු මරණ දඩුවමට ලක්කර තිබේ.

    Last modified on සිකුරාදා, 26 ජූලි 2019 09:39

    Latest News