ජොන්සන්ගේ පළමු ප්‍රකාශය ඩවුනිස් වීදියේදී..

ජූලි 25, 2019

    රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදු කරන බව බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන් ඊයේ ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍යවරයා එම ප්‍රකාශය සිදුකළේ ඩවුනින් වීදියේ අංක 10 නිල නිවස ඉදිරිපිට දී මාධ්‍ය අමතමින්. තෙරේසා මේ බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජින බැහැදැක සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් බාර දීමෙන් අනතුරුව කොන්සවේටිව් පක්ෂයේ නව නායක බොරිස් ජොන්සන් රැජින මුණගැසී නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.

    විරෝධතාවක් එල්ල නොවුණත්, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ඔක්තෝබර් මස 31 වැනිදායින් අවසන් වන බව ද නව අග්‍රාමාත්‍යවරයා ඩවුනින් වීදියේ දී මාධ්‍ය අමතමින් කියා සිටියේය. බොරිස් ජොන්සන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමග කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙක් සිය තනතුරුවලින් ඉවත් විය. ඇතැම් අය ඉවත් කෙරුණු බවයි, වාර්තා වූයේ. නව අගමැති බොරිස්ගේ නව කැබිනට් මණ්ඩලය දැඩි විවේචනයට ද ලක්වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 12:47

    Latest News