ඉම්රාන් ඛාන් - ට්‍රම්ප් පළමු වරට සාකච්ජා

ජූලි 23, 2019

    පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඊයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සාකච්ජා පැවැත්විය.

    ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවී සාකච්ජා පැවැත්වූයේ ප්‍රථම වරටයි. හමුව සිදුවූයේ පකිස්තාන අගමැතිවරයාගේ අමෙරිකානු සංචාරය අතරතුරයි. ඒ වොෂිංටන් අගනුවරදී. ඇෆ්ගනිස්ථාන අර්බුදය හේතුවෙන් බිඳී ගොස් තිබෙන දෙරටේ සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මෙම සංචාරයේ දී අරමුණු කෙරෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    එසේම ඉන්දු පකිස්තානු දෙරට අතර අර්බුදයට හේතුවක් වන කාශ්මීර ගැටලුවට මැදිහත්වීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහි දී කැමැත්ත පළකර තිබේ. ට්‍රම්ප් මෙහි දී සඳහන් කර ඇත්තේ, 70 වසරක පුරා අගමැතිවරයාට අවස්ථාවක් ලබා දෙන බවයි. එහි දී මැදිහත්කරුවෙකු ලෙස හෝ බේරුම්කරුවෙකු ලෙස අමෙරිකාව පෙනී සිටීමට සූදානම් බවයි, ට්‍රම්ප් කියා සිටියේ.

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 12:04

    Latest News