බොරිස් ජොන්සන් හෙට දිවුරුම් දෙයි

ජූලි 23, 2019

    බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් මහතා හෙට දිවුරුම් දීමට නියමිතයි.

    කන්සවේටිව් නායකත්ව සටනින් ජය ගැනීමෙන් අනතුරුව ඔහු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්විය. එක් ලක්‍ෂ හැට දහසක කන්සර්වේටිව් පාක්‍ෂිකයන් නායකයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දය ලබාදුන්නේය. ඉන් අනූ දෙදහස් එකසිය පනස් තුනක් ලබා ගනිමින් බොරිස් ජොන්සන් කන්සවේටිව් පක්‍ෂ නායකත්ව සටනේ ජයග්‍රාහකයා බවට පත්විය.

    ප්‍රතිවාදී අපේක්‍ෂක ජෙරම් හන්ට්ට ලැබුණේ ඡන්ද 46,656ක් පමණි. කන්සවේටිව් පක්‍ෂ නායකත්වයට පත් බොරිස් ජොන්සන්, ප්‍රතිවාදී අපේක්‍ෂක ජෙරම් හන්ට්ට හා හිටපු අග්‍රාමාත්‍ය තෙරේසා මේට සිය ආචාරය පුද කළේය. බොරිස් ජොන්සන් පක්‍ෂ නායකත්වයට පත්වීමත් සමඟ තෙරේසා මේ රජයේ ප්‍රධාන තනතුරු රැසකින් ඉල්ලා අස්වූවාය.ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රධාන තනතුරු රැසකට පුද්ගලයන් තෝරා පත්කර ගැනීමට නියමිත බව වාර්තාවේ.

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 18:49

    Latest News