ඉන්දියාවේ "චන්ද්‍රයාන් 2" අද ගුවනට

ජූලි 22, 2019

    ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානය රැගත් රොකට්ටුව අද පස්වරුවේ අභ්‍යවකාශ ගතවීමට නියමිතයි.

    ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේ අද පස්වරු 2.43ට ශ්‍රී හාරී කොත්හි පිහිටි සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේන අදාළ රොකට්ටුව පිටත්වනු ඇති බවයි. ඉකුත් 15වැනිදා කක්ෂගත කිරීමට නියමිතව තිබූ මෙම යානය අභ්‍යවකාශ ගත කිරීමට සුළු මොහොතකට පෙර නතර කෙරුණේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. අභ්‍යවකාශ ගත කිරීමෙන් පසු දින 17ක් පෘතුවි කක්ෂයේ රැඳී සිටීමට නියමිත චන්ද්‍රයාන් 2 යානය පසුව දින 28ක් චන්ද්‍රයාගේ කක්ෂයේ රැඳී සිටිනු ඇති.

    අදාළ මෙහෙයුම මෙවර සාර්ථක වුවහොත්, චන්ද්‍රයා මත යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ ලොව සිව්වැනි රට බවට ඉන්දියාව පත්වෙයි. මේ වෙනුවෙන් ඉන්දියාව වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 150ක්.

    Last modified on සදුදා, 22 ජූලි 2019 09:50

    Latest News