සුඩානයේ හමුදා පාලනයට තවමත් විරෝධය

ජූලි 01, 2019

    සුඩානයේ හමුදා පාලනයට එරෙහිව ජනතාව තවදුරටත් විරෝධය පළ කරයි.

    දහස් ගණනක් ජනතාව ඊයේ පැවති විරෝධතාවට එක්විය. ඊට එල්ල වූ හමුදා ප්‍රහාරවලින් හත් දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 200කට ආසන්නයි. ඉකුත් අප්‍රේල් මාසයේ එරට හමුදාව විසින් සුඩානයේ හිටපු නායක ඕමාර් අල් බෂීර් බලයෙන් පහ කරනු ලැබීය.

    ඒ ඉන් පසුව එරට දිගින් දිගටම අර්බුද උද්ගත වූ අතර මේ වන විට එය ජනතා නැගී සිටීමක් බවට පත්ව තිබේ.

    Last modified on සදුදා, 01 ජූලි 2019 07:48

    Latest News