මෙක්සිකෝවේ අඩි 6ක දැඩි හිමපතනයක්

ජූලි 01, 2019

    මෙක්සිකෝවේ ග්වඩලාජාරා හි තදාසන්න ප්‍රදේශයට අඩි 6ක පමණ දැඩි හිම පතනයක් සිදුවී තිබේ.

    ජිවිත හානි කිසිවක් වාර්තා නොවන නමුත්, දේපොළ හානි රැසක් සිදුව ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දැඩි හිම කුණාටුව ඇතිවීමට පෙර ග්වඩලාජාරා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක අගයක පැවතිණ. බලාපොරොත්තු නොවූ කාලගුණයේ මේ වෙනස්වීම නගර වැසියන්ගේ දෛනික ජිවිතයට බලපෑම් සිදුකර තිබේ. හිම කුණාටුවෙන් නිවාස 200කට වඩා වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, වාහන විශාල සංඛ්‍යාවක් ද අනතුරට ලක්ව ඇත. කාලගුණ විශ්ලේෂකයන් පවසන්නේ, නිරන්තරයෙන් වෙනස්වන දේශගුණ වෙනස්වීම් හමුවේ අවධානයෙන් සිටීම වැදගත් බවයි.

    Latest News