සුකීට සම්මානය අහිමි වෙයි

නොවැ 13, 2018

    මියන්මාර් නායිකා අවුන්සාන් සුකී හට ලබා දී තිබූ ගෞරව සම්මානයක් ඉවත්කර ගැනීමට අන්තර්ජාතික ක්ෂමා සංවිධානය තීරණය කර තිබේ.

    එම ආයතනය විසින් 2009 වසරේ පිරිනමන ලද ඔවුන්ගේ ඉහළතම ගෞරව සම්මානය මෙසේ ඉවත් කරගනු ලැබීය.

    ඊට හේතුව රොහින්ග්යා අර්බුදයයි. ක්ෂමා සංවිධානය පවසන්නේ, රොහින්ග්යිවරුන් සම්බන්ධයෙන් ඇය කටයුතු කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි.

    අවුන්සාන් සුකීට පිරිනමා තිබූ ගෞරව සම්මානයක් කැනඩාව විසින් ද මීට පෙර ඉවත්කර ගනු ලැබීය.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 10:45

    Latest News