හමුදා මෙහෙයුමෙන් හමාස් නායකයෙකු මරුට

නොවැ 12, 2018

    ඊශ්‍රායලය, පලස්තීන ගාසා තීරයට පිවිස සිදු කළ රහසිගත හමුදා මෙහෙයුමකින් හමාස් සටන්කාමි නායකයෙකු හා ඔහුගේ අනුගාමිකයන් 6 දෙනෙකු මියගියා.

    ඊශ්‍රායල සෙබලෙකු ද ජීවිතක්‍ෂයට පත්වූ බවයි වාර්තා වන්නේ. පලස්තීන මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, දේශසීමාවේ කිලෝ මීටර 3ක් පමණ ගාසා තීරය අභ්‍යන්තරයේ සිට ඊශ්‍රායල් භටයින් ප්‍රහාරය සිදුකර ඇති බවයි. ඊශ්‍රායල් හමුදාවේ විශේෂ බලකාය මෙහෙයුම දියත් කළා.

    සැඟවී පහරදුන් විශේෂ බලකා සෙබලුන් ප්‍රථමයෙන් හමාස් සටන්කාමී ප්‍රධානියා ඝාතනය කර තිබෙනවා. අනතුරුව දරුණු වෙඩි හුවමාරුවක් හටගත්තා. රහසිගත සෙබල කණ්ඩායමට ආධාර පිණිස ඊශ්‍රායලය යුද ටැංකි හා ප්‍රහාරක ගුවන් යානාද යෙදවූ බවයි වාර්තා වන්නේ.

    පලස්තීනුවන් ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලයට රොකට් වෙඩි ප්‍රහාර 17ක් එල්ල කළා. සිද්ධිය සැළවීමත් සමඟ පැරිසියේ සංචාරයක නිරත ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය සංචාරය කෙටි කර යළි මව්බිමට පැමිණිමට තීරණය කර තිබෙනවා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238.

    Latest News