මියන්මාරයේ දී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයින් අද දිවයිනට

අප්‍රේ 23, 2021

    මියන්මාරයේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා අද (23) දිවයිනට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය කටයුතු කර ඇත.

    මියන්මාර රජය සමඟ පැවැති සාකච්ඡා වට කීපයකින් පසුව මෙම ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යංශය සදහන් කළේය. මේ අනුව මියන්මාරයේ යැංගන් සිට සිංගප්පූරුව දක්වා සිංගප්පූරුවට අයත් Q761 යානයෙන් මෙම ධිවරයන් පිරිස රැගෙන එන අතර සිංගප්පූරුවේ සිට Q 468 දරන සිංගප්පූරුවට අයත් ගුවන් යානයෙන් කොළඹට රැගෙන ඒමට නියමිතය.

    මෙසේ මියන්මාරයේ අත් අඩංගුවෙන් මිදී ඇත්තේ ඒ.සී.අයි.ප්‍රනාන්දු, එල්.ඒ.නිර්මිත ශ්‍රීලාල්, එච්.එස්.චමින්ද, එච්.එස්. ජයන්ත, ඩී.කේ.එස්.එස්.හේමචන්ද්‍ර, ඩී.එම්.කේ.මධුශංක, කේ.එම්.ප්‍රනාන්දු, එස්.නානායක්කාර, ඩබ්ලිව්.එන්.ප්‍රනාන්දු, ටී.කේ.එන් පීරිස්, ජේ.කේ.එස්.ලාල් පෙරේරා, සහ ඩබ්ලිව්.ඒ එස්.ප්‍රනාන්දු යන අයයි.

    මෙසේ ලංකාවට පැමිණෙන මෙම ධීවරයන් නිරෝධායන නීතිය යටතේ නිරෝධායනය කීරිමටද කටයුතු සුදානම් කර ඇත.

    Latest News