ට්‍රම්ප් බ්‍රිතාන්‍ය සංචාරය අරඹයි

ජූනි 03, 2019

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තෙදින නිල සංචාරයක් සඳහා අද බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිතයි.

    ඔහු අද එරට වේලාවෙන් උදෑසන 9.00ට බ්‍රිතාන්‍යයට ළගා වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැමිණීමට සමගාමීව බ්‍රිතාන්‍යයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ. සංචාරක අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය මහරැජින, චාල්ස් කුමරු හා අගමැති තෙරේසා මේ ඇතුළු බොහෝ පිරිසක් සමග සාකච්ජා පැවැත්වීමට නියමිතයි. අමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් එළිසබෙත් මහරැජින විසින් භෝජන සංග්‍රහයක් පවත්වනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සංචාරය අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ රැසක සංචාරය කිරීමට ද නියමිතයි.

     

    Last modified on සදුදා, 03 ජූනි 2019 08:02

    Latest News