ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවයි

මැයි 30, 2019

    ඊශ්‍රායල පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුව සන්ධාන රජයක් පිහිටුවීමට නොහැකිවීම ඊට හේතුවයි.

    ඒ අනූව නව මහ මැතිවරණය ලබන සැප්තැම්බර් මස 17 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඉකුත් මස දී පැවති මහ මැතිවරණයෙන් අනතුරුව නව දක්ෂිණාංශික රජයක් පිහිටුවීමට අදාළ සම්මුතියකට එළැඹීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහු අසමත් විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ යෝජනාවලිය 74ට 45ක් ලෙස සම්මත වූයේ ඊයේ දිනයේදී. ආසන 120කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අප්‍රේල් මස පැවති මැතිවරණයේ දී නෙතන්යාහුගේ ලීකූඩ් පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන 35ක් පමණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 12:07

    Latest News