යුරෝපා කොමිසම් පුටුවට ප්‍රංශ - ජර්මන් ගැටුමක්

මැයි 29, 2019

    යුරෝපා කොමිසමේ ප්‍රධානී තනතුර සඳහා ප්‍රංශය සහ ජර්මනිය අතර මත ගැටුම් ඇතිවී තිබේ. ඒ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන සාකච්ජාවේදී.

    යුරෝපා කොමිසමේ ප්‍රධාන තනතුරුවලට අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ජා ඊයේ ආරම්භ විය. වර්තමානයේ එම කොමිසමේ සභාපතිත්වය දරන්නේ, ජෝන් ක්ලෝඩ් ජුන්කර් විසින්. එය ප්‍රධාන තනතුර හා තවත් ප්‍රධාන තනතුරු සඳහා අපේක්ෂකයින් පත්කර ගැනීමට නියමිතයි. ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් පවසන්නේ, මධ්‍ය දක්ෂිණාංශික අපේක්ෂක මැන් ෆර්ඩ් වෙබර්, යුරෝපා කොමිසමේ මුල් පුටුවට පත් කළ යුතු බවයි.

    එහෙත්, ඒ පිළිබඳව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සිය අකමැත්ත පළ කර තිබෙන බවයි, වාර්තා වන්නේ. මෙම සාකච්ජා සඳහා යුරෝපා සංගමයේ නායකයින් සහභාගී වී සිටියි. එම සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වීමත් සමගයි මෙම සාකච්ජා ඇරඹෙන්නේ. ප්‍රධාන තනතුරු සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් පිළිබඳව මෙහි දී සාකච්ජා කෙරේ. මෙවර යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ දී සාම්ප්‍රදායික මධ්‍ය දක්ෂිණාංශික සහ මධ්‍ය වාමාංශික පක්ෂ වැඩි බලයක් හිමිකර ගැනීමට අපොහොසත්වීම කැපී පෙනේ. ඒ ලිබරල් හා ප්‍රජාතන්ත්‍රවාදී සහ හරිත පක්ෂ ඉදිරියට පැමිණීමත් සමගයි. මේනිසා යුරෝපා කොමිසමේ ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීම්වල දී එකඟතාවයන්වලට ඒමට නොහැකිවන ලකුණු දක්නට ඇති බවයි විදෙස් විශ්ලේෂකයන් සඳහ කරන්නේ.

    Last modified on බදාදා, 29 මැයි 2019 08:18

    Latest News