කත්මන්ඩු පිපිරීම් 3ක්;4ක් මරුට

මැයි 27, 2019

    නේපාලයේ, කත්මන්ඩු අගනුවර බෝම්බ පිපිරීම් තුනකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

    ජීවිතක්ෂයට පත්වූ හතර දෙනාගෙන් තුන් දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබේ. අනෙක් පුද්ගලයා රෝහලට රැගෙන යන අතරතුර දී මිය ගියේය. පිපිරීමෙන් අසළ තිබූ ගොඩනැගිලිවලට ද හානි සිදුව තිබේ. තුන්වන පිපිරීම සිදුව ඇත්තේ පළමු පිපිරීම් දෙක සිදු වී පැය කිහිපයකට පසුවයි. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මාවෝවාදී කැරළිකරුවන් මෙයට සම්බන්ධ බවයි, එරට වාර්තා සදහන් කරන්නේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නොමැත.

    Last modified on සදුදා, 27 මැයි 2019 09:27

    Latest News