යුරෝපා සංගම් ඡන්දයේ වැඩිබලය කාටද?

මැයි 27, 2019

    යුරෝපා සංගම් මැතිවරණයෙන් දක්ෂිණාංශික පක්ෂවලට වැඩි බලයක් හිමිව තිබේ.

    දින 3ක් පුරා පැවති මැතිවරණය ඊයේ අවසන් විය. යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන 751න්, 179ක බලය හිමිකර ගැනීමට යුරෝපා මහජන පක්ෂය සමත්ව ඇති අතර, ප්‍රගතිශීලී සමාජවාදී පෙරමුණ ආසන 150ක් හිමි කරගෙන තිබේ.

    මෙවර මැතිවරණයේ දී වාර්තාගත ඡන්ද ප්‍රකාශ කිරීමට සිදුවූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එය දශක දෙකකින් පසු සිදුවූ වැඩිම ඡන්ද ප්‍රකාශ කිරීම ලෙසයි, වාර්තා වන්නේ. ප්‍රංශයේ, හංගේරියාවේ, ජර්මනියේ, ඔස්ට්‍රේලියාවේ සහ පෝලන්තයේ දක්ෂිණාංශික පක්ෂවල ප්‍රතිඵල මෙහි දී විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

     

     

    Last modified on සදුදා, 27 මැයි 2019 08:38

    Latest News