තම රජය ඉන්දීයාවේ ආරක්ෂාව තහවුරු කළා - මෝදි

අප්‍රේ 24, 2019

    2014 වසරේ තම රජය බලයට පත්වීමෙන් පසු ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට ඒල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිහිපත් කරමින්. බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මැතිවරණ රැලියක් අමතමින් අග්‍රාමාත්‍ය මෝදි මේ පිළිබඳ අදහස් පළ කළේය. නිරන්තරයෙන් රටේ විවිධ ප්‍රදේශවල බෝම්බ පුපුරායාම තමා බලයට පත්වීමෙන් පසු, නැවැත්වීමට හැකි වූ බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඒරට ආරක්ෂාව පිළිබඳ ගැටලුවේ බරපතලකම තීව්‍රර කිරීමට අගමැතිවරයා උත්සහ කරන බව මාධ්‍ය විශ්ලේෂකයන් පවසයි.

    මේ අතර ඉන්දීය මහ මැතිවරණයේ තෙවන සහ විශාලතම අදියරේ,ඡන්ද විමසුම ඊයේ ආරම්භ විය. ඉන්දීය පපාර්ලිමේන්තුව ආසන 545කින් සමන්විතයි. ප්‍රාන්ත 15ක ආසන 117ක් සඳහා, ඡන්ද විමසීම ඊයේ සිදු කෙරිණ. අග්‍රාමාත්‍ය මෝදි තම ඡන්දය භාවිත කළේ ඔහු උපන් ගුජරාට් ප්‍රාන්තයේ දී.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 12:30

    Latest News