ඉන්දියාවේ 3 වැනි වටයේ ඡන්ද විමසීමත් අද

අප්‍රේ 23, 2019

    ඉන්දියානු මහ මැතිවරණය තුන්වැනි වටයේ ඡන්ද විමසීම අද ආරම්භ වෙයි.

    එහි විශේෂත්වය වන්නේ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ප්‍රථම වරට කේරළ ප්‍රාන්තය නියෝජනය කරමින් ඡන්දය භාවිත කිරීමයි. රාහුල් ගාන්ධි මෙවර මැතිවරණයෙන් ප්‍රාන්ත දෙකකින් තරග වදියි. ලබන මස ඔහු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් නැවත තරග වදිනු ඇති.

    ඔහු ආසන 2කම ජය ගතහොත්,ඉන් එකක් අතහැර දැමීමට නියමිතයි. ඉන්දියාවේ මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙයි. මෙවර මැතිවරණය දැඩි තරගකාරී ස්වභාවයක් ගන්නා අතර, බොහෝ විශ්ලේෂකයින් අදහස් දක්වන්නේ,රාහුල් ගාන්ධිව වැඩි වාසි අත්වීමේ ලකුණු පෙන්වන බවයි.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 11:52

    Latest News