ලොව දුර්ලභතම කැස්බෑවෙක් මිය යයි

අප්‍රේ 17, 2019

    චීනයේ ජීවත් වූ ලොව දුර්ලභතම කැස්බෑවකු (Yangtze giant softshells) මිය ගොස් තිබේ.

    වාර්තා වන අන්දමට එම කැස්බෑවා මිය යෑමෙන් පසු ලොව ඉතිරිව ඇත්තේ ඒ වර්ගයේ කැස්බෑවුන් තිදෙනකු පමණි.

    මෙසේ මිය ගියේ දකුණු දිග චීනයේ සුෂෝ සත්වෝද්‍යානයේ සිටි Rafetus swinhoei නම් ස්ත්‍රී කැස්බෑවෙකි. මිය යන විට ඇය වයස අවුරුදු 90 ඉක්මවා සිටි බව වාර්තා වේ.

    ඉතිරි තිදෙනා ගෙන වයස අවුරුදු 100 ඉක්ම වූ කැස්බෑවකු චීන සත්වෝද්‍යානයක ද අනෙක් දෙදෙනා වියට්නාමයේ ද ජීවත් වේ.

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 12:30

    Latest News