චීන-අමෙරිකා ජනාධිපතිවරුන් අතර දුරකතන සංවාද

නොවැ 04, 2018

    චීන ජනාධිපති ෂී-ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර, දුරකථන සංවාදයක් පිළිබඳ තොරතුරු අද මාධ්‍ය ඔස්සේ හෙළි වුණා.

    වෙළෙඳ යුද්ධයක් පැවතිය ද චීන ජනාධිපතිවරයා සමඟ කළ දුරකථන සංවාදය බෙහෙවින් වැදගත් බව ජනාධිපති ට්‍රම්ප් සිය ව්විටර් ගිණුමේ සඳහන් කර තිබුණා. චීන හා අමෙරිකානු නායකයන් වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබෙනවා.

    අමෙරිකානු ජනාධිපතිවරයා මේ මස අග ආජන්ටිනාවේ පැවැත්වෙන ජී-20 රාජ්‍ය නායක සමුළුවේදී චීන නායකයා සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිතයි. දුරකථන සංවාදය ඒ සඳහා වැදගත් පූර්ව පියවරක් ලෙස සළකන බවයි ජනාධිපති ට්‍රම්ප් සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබෙන්නේ. අමෙරිකානු මධ්‍ය ධූර කාල මැතිවරණයට දින කිහිපයකට පෙර සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව දේශපාලන ක්‍ෂේත්‍රයේ ද පුළුල් අවධානයක් යොමුවී තිබෙනවා.

     

    Latest News