පකිස්තානය, ඉන්දීය සිරකරුවන් 100ක් මුදාහැරී

අප්‍රේ 08, 2019

    ඉන්දියානු සිරකරුවන් 100 දෙනෙක් නිදහස් කිරීමට පකිස්තානය තීරණය කර තිබේ. දෙරට අතර ඇති උණුසුම්කාරී වාතාරවණය අවම කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

    ඊයේ දිනයේ නිදහස් කෙරුණු සිරකරුවන් සියලුදෙනා ධීවරයින්. ඔවුන් කරච්චි නුවර සිරකඳවුරුවලිය රඳවා තිබුණේ. මෙම පිරිස ඊයේ දුම්රිය මගිනා ලාහෝර් නුවරට රැගෙන එනු ලැබීය. අද දිනයේ වගා දේශසීමා මුරපොළෙන් ඔවුන් ඉන්දියාවට බාරදීමට නියමිතයි.

    පකිස්තානු සිරකඳවුරුවල සිටින ඉන්දීය සිරකරුවන් 360 දෙනෙක් ද අද සිට නිදහස් කෙරෙන බව, පකිස්තානය පසුගියදා සඳහන් කළේ. ඉන් 355 දෙනෙක් ධීවරයින් වන අතර, අනෙක් 5 දෙනා සිවිල් පුරවැසියන්.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 09:14

    Latest News