පකිස්තාන චෝදනා, ඉන්දියාව ප්‍රතික්‍ෂේප කරයි

අප්‍රේ 08, 2019

    ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට පකිස්තානය එල්ල කරන චෝදනා, ඉන්දියාව ප්‍රතික්‍ෂේප කරයි.

    නවදිල්ලි පාලනය පෙන්වා දෙන්නේ, එය වගකීම් විරහිත ප්‍රකාශයක් බවයි. පකිස්තාන විදේශ අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේ, ඉන්දියාව මේ මස අගදී තවත් ප්‍රහාරයකට සැරසෙන බවට බුද්ධි වාර්තා ලැබී ඇති බවයි. පකිස්තාන විදේශ අමාත්‍ය ශා මහමුද් කුරේෂි මුල්තාන් නගරයේ පැවති මාධ්‍ය හමුවේදී ඊයේ මේ බව පැවසීය.

    එහිදී ඔහු ප්‍රකාශ කළේ, අප්‍රේල් 10ත්, 20ත් අතර කාලය තුළ ඉන්දියාව, පකිස්තාන භූමිය තුල දැවැන්ත ප්‍රහාරයකට සූදානම් බවට විශ්වසනීය බුද්ධි වාර්තා ලැබී ඇති බවයි. මේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දියාව, පකිස්තාන විදේශ අමාත්‍යවරයාට චෝදනා කර ඇත්තේ, යුද උමතුවක් ඇති කිරීමට ක්‍රියා කරන බවටයි.

    ඉකුත් පෙබරවාරි මස කාශ්මීරයේ හටගත් යුද උණුසුමත් සමඟ දෙරට අතර සබඳතා අයහපත් අතට හැරී තිබේ.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 20:12

    Latest News