බෝයිං නිෂ්පාදනය තාවකාලිකව පහළට

අප්‍රේ 06, 2019

    බෝයිං සමාගම සිය ගුවන් යානා නිෂ්පාදනය තාවකාලිකව පහළ දැමීමට තීරණය කර තිබේ.

    ඉතියෝපියාවේ දී සහ ඉන්දුනීසියාවේ දී බෝයිං ගුවන් යානා 2ක් කඩා වැටීම හේතු කොටගෙන සමාගම මෙම පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. බෝයිං සමාගම මසකට ගුවන් යානා 52ක් නිෂ්පාදනය කළ අතර, මේ වන විට එම සංඛ්‍යාව 42 දක්වා පහළ දමා තිබේ. සමාගම් ප්‍රධාන විධායක නිලධාරී ඩෙනිස් මොයිලන්බර්ග් නිවේදනය කළේ, ඉතියෝපියානු ගුවන් යානා කඩා වැටීම සිද්ධි දාමයක ප්‍රතිඵලයක් බවයි.

    ඔහු තවදුරටත් කියා සිටියේ, ගුවන් යානා සම්බන්ධයේන පවතින අවදානම් තත්වය නිවැරදි කිරීමට අවශ්‍ය පිළියම් තම සමාගම දන්නා බවයි. ඉදිරියේ දී බෝයිං ගුවන් යානාවල නව මෘදුකාංග සම්බන්ධයෙන් ගුවන් නියමුවන් දැනුවත් කර ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දීමට ද සමාගම කටයුතු කරන බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 09:57

    Latest News