බෝයිං ගගනගාමී කැප්සියුලරය නිරුපද්‍රිතව පෘථිවියට

දෙසැ 23, 2019

    බෝයිං සමාගමේ නව ගගනගාමී කැප්සියුලරය නිරුපද්‍රිතව යළි පෘතුවියට ළගාවී තිබේ.

    යානයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අසාර්ථක මෙහෙයුමක් වූ බවයි, වාර්තා වන්නේ. බෝයිං සමාගම විසින් ගගනගාමීන් ගෙනයෑමට අත්හදා බැලීමක් ලෙස මෙය සිදු කරනු ලැබීය. නව යානය ෆ්ලෝරීඩාවේ සිට ඇට්ලස් රොකට්ටුව මගින් සාර්ථකව දියත් කළේය. එහෙත්, පසුව ඇති වූ තාක්ෂණික ගැටළු හේතුවෙන් එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නිවැරදිව ළඟවීමට නොහැකිවී තිබේ.

    මේ හේතුවෙන් නැවත පෘතුවිය වෙත පැමිණි යානය පැරෂුට් සහ එයාර් බෑග් ආධාරයෙන් මෙක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස් පරීක්ෂණ ප්‍රදේශයට ගොඩ බැස්සවූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News