ජලවිදුලි නිෂ්පාදන 23% පහත වැටේ

පෙබ 18, 2020

    වියළි කාලගුණය හේතුවෙන් ලංකාවේ ජලවිදුලි නිෂ්පාදනය සමස්ත නිෂ්පාදනයෙන් 23% දක්වා පහත වැටී ඇතැයි, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

    මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ පවතින වර්ෂාව රහිත කාලගුණය හේතුවෙන්, ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසිමින් තිබේ. සමස්ත විදුලිබල ප්‍රමාණයෙන් 74%ක් ජනනය කරන්නේ, ගල් අඟුරු ඩීසල් තාප බලාගාර ආශ්‍රිතවයි.

    මේ හේතුවෙන් විදුලි ඒකකයක් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවෙයි. මීට අමතරව, සූර්ය බලශක්ති උත්පාදනය 1%කට ආසන්නයි. සුළං බලශක්ති උත්පාදනය 1.2%ක් වෙයි. විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරන්නේ, කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට සියලු කටයුතු යොදා ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 11:24

    Latest News