හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යේෂ්ඨ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ඒ ඉකුත් සිකුරාදා උතුරු ලෙබනනයේ සිදු කෙරුණු නාවික වැටලීමකදී.
ඊශ්‍රායල හමුදාවට අයත් විශේෂ බලකායන් විසින් උතුරු ලෙබනනයේ බැට්රන් නගරයේ වෙරළ ආශ්රිත ප්‍රදේශයේ විශේෂ නාවික මෙහෙයුමක් සිදු කර තිබෙනවා.
එම හමුදාව පවසන්නේ, එහිදි හිස්බුල්ලා ජ්‍යේෂ්ඨ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
ඔහු මේ වනවිට ඊශ්‍රායල වෙත ගෙන ගොස් එහි ආරක්ෂක අංශ බාරයේ රඳවා සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද ඊශ්‍රායල හමුදා අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා පිළිබඳව හිස්බුල්ලා සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශක් සිදු කර නැහැ.