නැගෙනහිර ඉන්දුනීසියාවේ “මලුකු” දූපත් කලාපයේ පාලමක් කඩාවැටීමෙන් හත් දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශය ආසන්නයේ දේශපාලනඥයෙකු පිළිගැනීමේ රැස්වීමකට පැමිණි පිරිසක් පාලම මත එක්රැස්ව සිටින අවස්ථාවක අනතුර සිදුව තිබෙනවා. ඉදිරි මැතිවරණය වෙනුවෙන් අදාළ මහජන රැස්වීම ඇමතීමට නියමිතව තිබු අවස්ථාවේ මොහොතකට පෙර පාලම කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. අනතුරට පත් අයගෙන් කිහිපදෙනෙකුගේ තත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා. Twitter