හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු රතු කුරුස සංවිධානයට භාර දී තිබෙනවා.
සටන් විරාම ගිවිසුමට අනුව ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 600 කට අධික පිරිසක් නිදහස් කිරීම ආරම්භ කර තිබෙනවා.
ඊශ්‍රායල බලධාරීන් මියගිය සිව්දෙනාගේ සිරුරු ලැබුණු බව තහවුරු කර තිබෙනවා.
දේහ විධිමත් ලෙස හඳුනාගැනීමේ ක්‍රියාවලියක් පැවැත්වෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊශ්‍රායල මුදාහැරි පලස්තීන සිරකරුවන් 642 දෙනෙකු ගාසා හි යුරෝපීය රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණ තිබෙනවා.
නිදහස් කරන ලද සිරකරුවන් පිළිගැනීමට ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් ගසා හි රැස්ව සිටියා.
මෙම ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කිරීමත් සමග ගාසා හි සටන් විරාමයේ මුල් අදියර අවසන් වනවා.
පළමු අදියර ලෙස හමාස් සංවිධානය ඊශ්‍රායලයට බාරදුන් ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 33 ක්.
ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 2,000 කට ආසන්න පිරිසක් නිදහස් කර තිබුණා.
මෙම මස මුලදී හාමස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු 4 ක් ඊශ්‍රායලය බාර දුන්නා, එම සිරුරු අතර ශිරි බිබාස් සහ ඇගේ මාස 9 ක් වයසැති සහ 4 හැවිරිදි පුතුන් දෙදෙනාද වනවා.