ඊශ්‍රායල හමාස් සටන් විරාමය ඇරඹේ

ජන 19, 2025
    ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර, ගාසා තීරයේ නව සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද පෙරවරු 11.15 ට ආරම්භ කර තිබෙනවා.

    එය ක්රියාත්මක වීමට නියමිතව තිබුණේ, පෙරවරු 8.30 සිටයි. එහෙත්, හමාස් සංවිධානය නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්රාණ ඇපකරුවන්ගේ ලැයිස්තුව නිකුත් කරන තෙක්, සටන් විරාමය ක්රියාත්මක නොකරන බවයි ලෙසයි ඊශ්රායල අගමැතිවරයා ප්රකාශ කර තිබුණේ.

    ඊශ්රායල රජය සහ හමාස් සංවිධානය අතර නව සටන් විරාම ගිවිසුම අදියර 3 කින් සමන්විත බව, විදෙස් මාධ්ය වාර්තා පෙන්වා දෙනවා.
     
    පළමු අදියර සති 6 ක කාලයක් ක්රියාත්මක වීමට නියමිතයි.
     
    එම අදියර යටතේ ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්රාණ ඇපකරුවන් 33 දෙනෙකු සහ ඊශ්රායල බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් සිය ගණනක පිරිසක් නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
     
    සටන් විරාමයේ පළමු දිනයේදී ගාසා තීරයේ රඳවා සිටින ඊශ්රායල ප්රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ ඊශ්රායල බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් 95 දෙනෙකු පමණ නිදහස් කිරීමට අපේක්ෂිතයි.
     
    ඒ අනුව, අද දින හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට නියමිත ඊශ්රායල ප්රාණ ඇපකරුවන් තිදෙනාට අදාළ නම් ලැයිස්තුව ලැබුණු බව ඊශ්රායල අගමැති කාර්යාලය තහවුරු කළා.

    Latest News