ඉන්දියාවේ වෛරස ප්‍රභේදය ලොව රටවල් 44කින්

මැයි 12, 2021

    ඉන්දියාවෙන් මුල් වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ මාරාන්තික ප්‍රභේදය මේ වන විට ලොව තවත් රටවල් 44 කින් පමණ හඳුනාගෙන ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ඉකුත් පැය 24 තුළ ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4,200ක්. කෙසේ වුවද, පාර්ශව රැසක් චෝදනා කරන්නේ, රජය නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් නොකරන බවටයි. ඉකුත් පැය 24 තුළ ඉන්දියාවේ අලුතින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 48,499ක්.

    වෛරස ව්‍යාප්තිය පාලනයට නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකළ බවට එරට රජයට තවදුරටත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විවේචන එල්ල වෙයි. ගංගා නම් නදියේ බිහාර් ප්‍රාන්තය ආශ්‍රිත ප්‍රදේශයේ තවදුරටත් මළ සිරුරු රැසක් ගොඩ ගසා තිබේ.

    ඒ අනූව අදාළ මළ සිරුරු සංඛ්‍යාත්මක වශයෙන් ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවට ඇතුළත් වී තිබේ.

    Last modified on බදාදා, 12 මැයි 2021 11:15

    Latest News