ඇල්ජීරියානු ජනපති ඉල්ලා අස්වෙයි

අප්‍රේ 03, 2019

    ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙල්අසීස් භූටේෆ්ලික් තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඉල්ලා අස්වීමත් සමඟ සතුටට පත් පිරිස අගනුවර වීදි බැස ප්‍රීතිඝෝෂා පවත්වන අයුරු මාධ්‍ය වාර්තා කර තිබිණ. රටේ තරුණ කොටස් සති 6ක් පුරාවට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙමින් පැවති උද්ඝෝෂණ මෙන්ම, එරට බලගතු හමුදාව, වසර 20ක ජනාධිපතිවරයාගේ පාලනය නිමා කරන ලෙස බලපෑම් කිරීම මෙම තීරණයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

    ජනාධිපති භූටේෆ්ලිකා ව්‍යවස්ථාදායක කවුන්සිලයේ ප්‍රධානියාට තම ඉල්ලා අස්වීම බාරදීම එරට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශ්‍ය කෙරිණ. 83 හැවිරිදි ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ ඉහළ මන්ත්‍රණ සභාවේ ප්‍රධානී අබ්දෙල්කාදර් බෙන්සලාහා මැතිවරණයක් පැවැත්වෙන තෙක් දින 90ක් රටේ පාලන බලතල හොබවයි.

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 09:00

    Latest News