මිසයිල ආරක්ෂණ පද්ධතිය මිලට ගැනීම ගැන තුර්කියට රතු එළියක්

අප්‍රේ 04, 2019

    එස්.400 ගුවන් යානා නාශක මිසයිල පද්ධතිය රුසියාවෙන් මිල දී ගැනීමෙන් වළකින්නැයි, අමෙරිකා එක්සත් ජනපදය තුර්කියට අනතුරු අඟවයි.

    එම මිසයිල පද්ධතිය තම ජෙට් යානාවලට තර්ජනයක් බවයි වොෂිංටන් පාලනය කියා සිටින්නේ. තුර්කිය, නේටෝවේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස රැඳී සිටිනවාද, එසේ නොමැති නම්, එවැනි අවදානම් සහගත තීරණයක් ගනිමින් නේටෝ පාර්ශ්විකත්වය අනතුරට ලක්කර ගන්නවාද යන්න තීරණය කළ යුතු බව, අමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් අවධාරණය කරයි. එම අතිනවීණ මිසයිල පද්ධතියට අදාළ ගිවිසුම මේ වන විටත් සිදු කොට අවසන් බවයි තුර්කිය කියා සිටින්නේ.

    අමෙරිකාව සහ යුරෝපය සමඟ සබඳතා පළුඳුවීමත් සමග අන්කාරා පාලනය රුසියාව සමඟ සබඳතා තරකර ගනිමින් සිටියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 12:50

    Latest News