හූති භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පහර දෙයි

ජූනි 14, 2024
    ඒඩන් බොක්ක ඔස්සේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට යේමනයේ හූති සටන්කාමීන් කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
    අමෙරිකානු නාවික හමුදාව පවසන්නේ, නාවිකයෙකු ඉන් බරපතල තුවාල ලැබූ බවයි.
    තුවාල ලැබූ නාවිකයා ප්‍රතිකාර සඳහා ගුවන් මගින් වෙනත් නෞකාවක් වෙත රැගෙන ගොස් තිබෙනවා. අමෙරිකානු නාවික හමුදාව පවසන්නේ, ඉකුත් පැය 24 ක කාලය තුළ රතු මුහුදට ඉහළින් පියාසර කළ හූති සටන්කාමීන්ගේ මුර යාත්‍රා දෙකක් සහ ඩ්රෝදන යානයක් විනාශ කළ බවයි.
    පසුගිය පැය කිහිපය තුළ තවත් MV වර්බේනා නෞකාව ඇතුළු භාණ්ඩ ප්රගවාහන නෞකා තුනකට ප්ර හාර එල්ල කළ බව හූති සටන්කාමීන් කියා සිටිනවා.
    ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහිව සිදුවන අපරාධවලට පළිගැනීමක් ලෙස සහ අමෙරිකානු හා බ්රිනතාන්යස ආක්ර මනයන්ට ප්රාතිචාර වශයෙන් මෙම ප්ර හාර සිදු කරන බව ඔවුන් අවධාරණය කරනවා.
    මෙම ප්රෙහාරය සිදුවූයේ, ඉරානයේ සහය ලබන හූති සටන්කාමීන් විසින් ග්රී ක සමාගමකට අයත් නෞකාවකට රතු මුහුදේදී එල්ල කළ ප්රේහාරයෙන් දිනකට පසුවයි.

    Latest News