ඇෆ්ගන් ගල් වෙයි

පෙබ 20, 2024
    ඇෆ්ගනිස්ථානයේ, නුරිස්තාන පළාතට බලපා ඇති අධික හිම පතනය හේතුවෙන් විශාල නායයාමක් සිදුව තිබෙනවා.

    බලධාරින් පවසන්නේ, 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. නාය අනතුරෙන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    ඇෆ්ගනිස්ථානයේ තලීබාන් බලධාරීන් පවසන්නේ, මරණ සංඛ්යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. අධික හිමපතනය හමුවේ හෙලිකොප්ටර් යානා ගොඩබෑමට නොහැකි වීමෙන් සහ මාර්ග අවහිර වීම නිසා ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බව, විදෙස් මාධ්ය වාර්තාවල සඳහන්.
     
    මෙහෙයුම් සඳහා නවීන උපකරණ, මෙවලම් සහ පහසුකම් ද නොමැති බවයි, වාර්තා වන්නේ. නාය අනතුර සිදුවූ "නකරේ" ගම්මානයේ තව දුරටත් අධික හිම පතනයක් සිදුවෙමින් පවතිනවා.
     
    තලීබාන් ආපදා කළමනාකරණ අමාත්යාංශය වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, නාය අනතුරෙන් පුද්ගලයන් 25 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි.
     
    රාත්රී කාලයේ සිදුවූ මෙම අනතුරෙන් නිවාස 20ක් පමණ විනාශ වී ඇති බවද එහිදී සඳහන් කෙරුණා.
    Last modified on අඟහරුවාදා, 20 පෙබරවාරි 2024 10:44

    Latest News