බඩගින්නට වෙඩි කන ගාසා

මාර් 14, 2024

    සති තුනක කාලයකට පසු පළමු වරට උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම සඳහා නව ගොබිම් මාර්ගයක් යොදාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    මේ අතර, ලෝක ආහාර වැඩසටහනට අයත් ට්‍රක් රථ 6 ක් ආහාර තොගයක් රැගෙන ගාසා දේශසීමාව ආසන්නයට පැමිණ තිබෙනවා.

    ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ආහාර ආධාර ලබා දීමට අවසර දී ඇත්තේ, ගෝලීය ප්‍රජාව එල්ල කරන පීඩනය හමුවේ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
     
    ගාසා තීරයට බලපා ඇති සාගත තත්වය හමුවේ පලස්තීන භූමියට ආහාර ආධාර සැපයීමට වැඩි ප්‍රවේෂයක් ලබා දෙන ගෝලීය ප්‍රජාව ඉල්ලා සිටිනවා.
     
    ගාසා තීරයේ අවතැන්වූවන් සඳහා බෙදා හැරීමට තවත් ආධාර ‍ටොන් 200 ක් රැගත් යාත්‍රාවක් සයිප්‍රසයේ සිට පැමිණ ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා. 
     
    ඒ, නව මුහුදු මාර්ගයක් ගාසා තීරයට විවෘත කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර, ගාසා නගරයේ ආහාර ආධාර ලබා ගැනීමට රැස්වූ පලස්තීනුවන්ට ඊශ්‍රායල හමුදා යළිත් වෙඩි තබා තිබෙනවා.
     
    ඉන් 6 දෙදෙනෙකු මියගොස් 83 දෙනෙකු තුවාල ලැබුවා. මියගිය පිරිස අතර, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයේ සාමාජිකයෙකුද වනවා. ඊශ්‍රායලය තම මානුෂීය සේවකයින්ගේ ආරක්ෂාව සහතික කළ යුතු බව අමෙරිකාව පවසනවා.

    Latest News