ගාසා තීරයෙන් තවත් බිල්ලක්

දෙසැ 13, 2024
    ගාසා තීරයට එල්ල වූ තවත් ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පලස්තීනුවන් 35 දෙනෙකු මියයන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ආධාර රැගත් ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා සිටි 12 දෙනෙකුද ඒ අතර වනවා.

    ඊයේ එල්ල වී තිබු ප්‍රහාරයත් සමග මරණ සංඛ්‍යාව 71 ක් දක්වා ඉහළ ගොසින්.

    මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුර ආසන්නයේ සහ උතුරේ ගාසා නගරය අසල නිවාස දෙකකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 21 දෙනෙකු මිය ගිය බව සිවිල් ආරක්ෂක අංශ පවසනවා.
    නුසෙයිරාට් සරණාගත කඳවුර ආසන්නයේදී පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්. ඒ අතර අවම වශයෙන් ළමුන් හය දෙනෙකු සිටින බවයි පැවසෙන්නේ.
    ගාසා නගරයේ මහල් නිවාසයකට එල්ල වූ ප්‍රහාරයකින් පසු තවත් පුද්ගලයින් හය දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව බලධාරීන් සඳහන් කළා.
    එක්සත් ජාතීන්ගේ සහන සේවකයින් පවසන්නේ මීට අමතරව රෆා ප්‍රදේශයේ ආධාර රැගත් ලොරි රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් ආරක්ෂකයින් හත් දෙනෙකු මිය ගිය බවයි.
    මෙය දකුණු ගාසා තීරයට සැපයුම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන බාධාව බවද, ඔවුන් පෙන්වා දෙනවා.
    ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 හමුදා ප්‍රහාර ආරම්භ වූ දින සිට ගාසා තීරයේ සහනාධාර ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා යොදවා සිටි 700 දෙනෙකු පමණ ඊශ්‍රායල ප්‍රහාර වලින් ඝාතනය වී ඇති බවයි හමාස් සංවිධානය පවසන්නේ.
    එම දින සිට ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලින් මරණයට පත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 44,800 ඉක්මවා තිබෙනවා.

    Latest News