"යෝධ රෙඩ්වුඩ්ස්" එක්සත් රාජධානිය බබළවයි

මාර් 13, 2024

    ලොව විශාලතම වෘක්‍ෂය ලෙස සැලකෙන "යෝධ රෙඩ්වුඩ්ස්" ගස මේ වන විට එක්සත් රාජධානිය තුළ වඩාත් සක්‍රීයව ව්‍යාප්ත වෙමින් පවතිනවා.

    එනම්, එම ශාකය නිජබිම ලෙස සැලකෙන අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ  පිහිටි ශාක ප්‍රමාණය අභිබවා යමින්.

    "යෝධ රෙඩ්වුඩ්ස්" ශාකය ප්‍රථම වරට එක්සත් රාජධානියට රැගෙන ආවේ මීට වසර 160 කට පෙරය. මේ වන විට "රෙඩ්වුඩ්ස්" ශාකය කැලිෆෝනියාව තුළ 80,000 ක් පමණ දක්නට ලැබෙන බවත්, ඊට සාපේක්‍ෂව එක්සත් රාජධානිය තුළ ලක්‍ෂ 5 ක ශාක ප්‍රමාණයක් ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

    මෙහි සුවිශේෂත්වය ලෙස පෙන්වා දෙන්නේ,  කැලිෆෝනියාව තුළ "යෝධ රෙඩ්වුඩ්ස්" මීටර් 90 ක උසට වර්ධනය විය හැකි අතර, එක්සත් රාජධානියෙහි එම ශාකයේ උස මීටර 54 යි දශම 8 ක් පමණක් උසට වර්ධනය වී ඇති බවයි, වාර්තා වන්නේ. 

    "යෝධ රෙඩ්වුඩ්ස්" ශාක විශේෂඥයින් පෙන්වා දෙන්නේ, "යෝධ රෙඩ්වුඩ්ස්" ශාකයට වසර 2000 කට වැඩි කාලයක් ජීවත් විය හැකි අතර, එක්සත් රාජධානිය තුළ එම ශාකය ව්‍යාප්තියට තවත් බොහෝ කාලයක් ඉඩ ඇති බවයි.

    Last modified on බදාදා, 13 මාර්තු 2024 10:17

    Latest News