ඔලුවට කඩන් වැටුණු රන් පතල

මාර් 14, 2024
    ඔස්ට්රේලියාවේ රන් ආකර පතලක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

    මෙල්බර්න්හි බැලරට් නගරයේ පිහිටි පතලක් මෙම අනතුරට ලක්ව ඇති බව, විදෙස් මාධ්ය වාර්තාවල සඳහන්.

    පතල අඩි 1,640 ක් පොලොව යටට කඩා වැටී තිබෙනවා. අනතුර වන අවස්ථාවේ කම්කරුවන් 29 දෙනෙකු ආරක්ෂිතව ඉන් ඉවත් කර ගැනීමට හැකි වූ බව, මුදා ගැනීමේ කණ්ඩායම් පවසනවා.
     
    තුවාල ලැබූ පුද්ගලයා, ආරක්ෂිත ලෙස මුදා ගැනීමට පැය 4 ක පමණ කාලයක් ගත වූ බවයි, වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ක්රියාත්මකයි.
    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2024 15:29

    Latest News