ගෙවුනු පැය 24 ට පලස්තීනයේ සිදු වූ දේ

දෙසැ 31, 2023

    ඊශ්‍රායලය ඉකුත් පැය 24 ක කාලය තුළ එල්ල කළ ප්‍රහාරවලින්, පලස්තීන ජාතිකයින් 165 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    250කට අධික  පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරයේ පහළොස් ලක්‍ෂයක පමණ පිරිසකට නිවාස අහිමි වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, නිවාස 65,000කට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී ඇති අතර, නිවාස 290,000ක් ප්‍රතිසංස්කරණය කිරීමට සිදු ව ඇති බවයි.

    ප්‍රහාර හමුවේ යටිතල පහසුකම් රැසක් බිඳවැටී ඇති බවද පලස්තීන බලධාරින් ප්‍රකාශ කරනවා. මේ අතර ඊශ්‍රායල හමුදාව කියා සිටියේ, පලස්තීන හමුදා ප්‍රහාරවලින් සිය තවත් හමුදා නිලධාරින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

    යුද්ධය අතරතුර ඔක්තෝබර් සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා නිලධාරීන් 170 දෛනකු පමණ මිය ගොස් ඇති බව, ඔවුන් පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ඉකුත් දින කිහිපය තුළ අවම වශයෙන් ලක්ෂයක පමණ පිරිසක්, ගසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට සංක්‍රමණය වී ඇති බවයි.        

    Latest News