මරණයෙන් ගැලවෙන්න පොරබදින මිනිස්සු

ඔක් 17, 2023
    ගාසා තීරයේ වෙසෙන පුද්ගලයන් දහස් ගණනක් ගාසා - ඊජිප්තු රෆා දේශ සීමාව අසලට රැස්ව තිබෙනවා. ඊශ්රායල - හමාස් ගැටුම් මධ්යයේ ගාසා තීරයෙන් කඩිනමින් පිටවීම ඔවුන්ගේ අරමුණයි.

    ගාසා තීරයෙන් පිටවිය හැකි ඊශ්රායලයේ බලපෑම් එල්ල නොවන එකම පිවිසුම මෙය බවයි, සඳහන් වන්නේ.

    ඉකුත් ඔක්තෝබර් 7 වැනි දින හමාස් සංවිධානය එල්ල කළ ප්රහාරය හමුවේ අනෙකුත් දේශ සීමා වසා දැමීමට ඊශ්රායල බලධාරීන් කටයුතු කළා. ගාසාහි මුහුදු තීරය පාලනය වන්නේ ඊශ්රායල නාවික හමුදාව මගින්.
     
    ගාසා තීරයට දකුණින් ඇති රෆා පිවිසුම, වසා දමා ඇති අතර එම පිවිසුම විවෘත කරගැනීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකාව ඇතුළු පාර්ශව කිහිපයක් ඊජිප්තුව සමග සාකච්ඡාවල නිරත වනවා.
     
    එමෙන්ම ඊශ්රායල - ලෙබනන් දේශ සීමා ආසන්නයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ සැලසුමක් ද ක්රියාත්මක කර තිබෙනවා.
     
    ගාසා තීරයේ හිස්බුල්ලා සංවිධානය අතර ඇති වූ මතභේදාත්මක තත්වය හේතුවෙන් ලෙබනන් දේශ සීමාවේ සිට පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
     
    ඒ අනුව ගම්මාන 28 ක පදිංචිකරුවන් ඉවත් කිරීමේ සැලසුමක් ඊශ්රායලය විසින් ක්රියාත්මක කොට ඇති බව විදෙස් මාධ්යම වාර්තා සඳහන් කරනවා.
     

    Latest News