පිට පිට බැට කන ගාසා

ජූලි 11, 2024
    ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර තිබෙනවා.
    ඊශ්‍රායල හමුදාව නියෝග කර ඇත්තේ, ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන්ට ගාසා නගරයෙන් තවදුරටත් ඉවත්ව යන ලෙසයි.
    ඊයේ දිනයේ ගුවනින් හෙලන ලද පත්‍රිකාවල සටහන්ව තිබුණේ, ගාසා නගරයේ සිටින සියලුම පලස්තීනුවන්ට ආරක්‍ෂිත මාර්ග ඔස්සේ ඉන් ඉවත්වන ‍ලෙසයි.
    ඩීර් අල් බාලා සහ අල්සවයිඩා මාර්ග ඔස්සේ ආරක්‍ෂිතව ගමන් කරන ලෙසත් එහි සඳහන්ව තිබුණා.
    අවතැන්ව සිටින පලස්තීන වැසියන්ට දකුණු ගාසා තීරයේ සිට මධ්‍යම ගාසා ප්‍රදේශ කරා ගමන් කිරීමට එම මාර්ග උපයෝගී කර ගන්නා ලෙසයි, දැනුම් දී ඇත්තේ.
    ඊශ්‍රායල හමුදාව මෙලෙස ගාසා නගරයේ පලස්තීනු වැසියන්ට ඉවත්වන ලෙස සිදු කරන ප්‍රකාශ ඔවු‍න්ගේ මානසික තත්වය බිඳ වැට්ටවීමට කරන යුද උපායක් ලෙසයි, ගාසාහි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

    Latest News