තවත් ලෝක යුද්ධයක ආරම්භයද ?

ඔක් 07, 2023

    ඊශ්‍රායලයට එරෙහිව පලස්තීන සටන්කාමින් විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව, හමාස් සංවිධානය පවසනවා.

    ගාසා තීරයේ ඇති ඇතැම් ප්‍රදේශ, පලස්තීන සටන්කාමින් අත්පත් කරගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හමාස් සංවිධානය පවසන්නේ, ගාසා තිරයේ සිට ඊශ්‍රායලයට විනාඩි 20 ක් තුළ රොකට් 5,000 ක් එල්ල කළ බවයි. දකුණු ගාසා තීරය අවට ප්‍රදේශවල පිපිරීම් වාර්තා වනවා. පුද්ගල මරණයක් ද සිදුව ඇති බවයි, පැවසෙන්නේ.

    ඊශ්‍රායලයේ දෙරෝස්ත් නගරයේ පොලිස් ස්ථානයක්, හමාස් සටන්කාමීන් අත්පත් කර ගෙන තිබෙනවා. එහිදී ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බව, ඊශ්‍රායල මාධ්‍ය පවසනවා. මේ අතර, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ගාසා තීරයේ සිට කිලෝමීටර් 80 ක දුර ප්‍රදේශයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ගාසා තීරය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සිය නිවෙස් තුළ රැඳී සිටින ලෙසයි, ඊශ්‍රායල බලධාරීන් දැනුවත් කර ඇත්තේ. පලස්තීන සටන්කාමීන්ගේ යුද මෙහෙයුමට ප්‍රතිචාරයක් ලෙස ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව, ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල හමුදාව සඳහන් කරන්නේ, සිය හමුදා පලස්තීනයට එරෙහිව මහ පරිමාණ යුද්ධයකට සූදානම් කරමින් සිටින බවයි.

    Latest News