හවායිහි ඇඳහිය නොහැකි මහා විනාශයක්

අගෝ 14, 2023
    අමෙරිකාවේ, හවායිහි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්යාව තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසනවා.

    ගින්න පැතිර ගිය ප්රදේශවලින් මේ වන විට පරීක්ෂාවට ලක්ව ඇත්තේ සියයට තුනක පමණ ප්රදේශයක් පමණක් බවයි මාඋයි පොලිස් ප්රධානියා පවසන්නේ.

    දැනට වාර්තා වී ඇති මරණ සංඛ්යාව 93ක්.
    හවායි, මාඋයි සහ හොනලුලු දූපත් ආශිතව ලැව්ගිනි හටගෙන ඇති අතර මාඋයි දූපතේ පමණක් ලැව්ගිනි 4ක් වාර්තා වනවා. මෙයින් ලහානියා නගරයට දැඩි හානි සිදුවී තිබෙනවා.
     
    මෙම ලැව්ගිනි සැළකෙන්නේ පසුගිය සියවසක කාලය තුළ අමෙරිකාවේ සිදුවූ වඩාත් මාරාන්තික ලැව්ගිනි ලෙසයි. සිය ගණනක් තවමත් අතුරුදන් වී ඇති බවයි, වාර්තා වන්නේ.
     
    මේ වනවිට ගින්නෙන් ආරක්ෂා වීමට නොයෙකුත් ප්රදේශවලට පලා ගිය පිරිස් සොයා ඔවුන්ට සහන සළසමින් සිටින බව ප්රාන්ත ආණ්ඩුකාරවයා කියා සිටිනවා.
    එසේම ලැව්ගිනි පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා නිසි පරිදි ක්රියාත්මක වී නොමැති බවටත් මේ වනවිට සැක පලවී තිබෙනවා.
     
    ගින්න වාර්තා වූ විට ප්රාන්ත බලධාරීන් ක්රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ප්රාන්ත නීතිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි, විදෙස් මාධ්ය වාර්තා පවසන්නේ.
     

    Latest News