‍‍"හවායි" දූපතේ පෞරාණික 'ලහයිනා' ගිනිබත්

අගෝ 10, 2023

    "හවායි" දූපතේ ඓතිහාසික "ලහයිනා" නගරය ලැව් ගිනි හේතුවෙන් මුළුමනින්ම විනාශ වී ඇති බව වාර්තා වනවා. ලැව් ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    "හවායි" දූපතේ "‍‍ලහයිනා" පැරණි නගරයක් ලෙස ලොව ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. එහි ජනගහනය 12,000 ක් පමණ වනවා. "ලහයිනා" නගරයේ පිහිටි "මෞයි" ප්‍රාන්තයේ ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ති‍බෙනවා.

    "මෞයි" හි රෝහල් පිළිස්සුම් රෝගින්ගෙන් හා දුම ආග්‍රහණයෙන් රෝගී බවට පත් වූ පුද්ගලයින්ගෙන් පිරී ගොස් ඇති බව, රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

    වේගයෙන් පැතිර යමින් පවතින ගිනි දැල්වලින් ආරක්‍ෂා වීම සඳහා බොහෝ පිරිස් සාගරයට පැන ඇති බව, ‍අමෙරිකානු වෙරළ ආරක්‍ෂක බළකාය ප්‍රකාශ කරනවා. නිවාස සහ ව්‍යාපාර ස්ථාන රැසක් සම්පූර්ණයෙන්ම විනාශව ඇති බව, "මෞයි" ප්‍රාන්තයේ නගරාධිපතිවරයා කියා සිටිනවා.

    "ලහයිනා" නගර වරායේ සෑම බෝට්ටුවක්ම පාහේ ගින්නෙන් විනාශ වී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News