රුසියාවේ පිරවුම්හලක පිපිරීමකින් 12ක් මරුට

අගෝ 15, 2023

    රුසියාවේ, ඩැගෙස්තාන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමකින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    මිය ගිය අය අතර කුඩා ළමුන් තිදෙනෙකු ද වනවා. ‍ඊයේ රාත්‍රි 9.00 ට පමණ පිපිරීම සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    ඩැගෙස්තාන් අගනුවර මකච්කාලා අධිවේගි මාර්ගය ආසන්නයේ වාහන අලුත් වැඩියා කරන ස්ථානයක ගින්නක් හට ගෙන තිබෙනවා.

    ගින්න, ඒ අසල තිබූ ඉන්ධන පිරවුම්හලට ව්‍යාප්ත වීමෙන් පිරීම සිදු වුණා. ගිනි නිවන භටයින් සහ හදිසි සේවා අංශ නිලධාරින් 260 දෙනෙකු පමණ ගින්න මැඩපැවැත්වීමට සහභාගී වුණා.

    බරපතල තුවාල ලැබූවන් ගුවන් මගින් මොස්කව් අගනුවර රෝහල් කරා ගෙන යාමට ද පියවර ගැනුණා.

    Latest News