“කර්ච්” පාලමට මිසයිල ප්‍රහාර

අගෝ 13, 2023

    රුසියාව සහ ක්‍රිමියානු අර්ධ ද්වීපය සම්බන්ධ කෙරෙන “කර්ච්” පාලම ඉලක්ක කර යුක්‍රේනය හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

    “කර්ච්” පාලම විවෘත කරනු ලැබුවේ 2018 වසරේ දී. 2014 වසරේ දී රුසියාව විසින් ඈදා ගනු ලැබූ යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් වන ක්‍රිමියානු අර්ධද්වීපය සහ රුසියාව යා කෙරෙන මෙම කර්ච් පාලම මගින් මහා මාර්ග සහ දුම්රිය ගමනා ගමනය සක්‍රීය කර තිබෙනවා.

    එමෙන්ම, දකුණු යුක්‍රේනයේ ප්‍රදේශ අත්පත් කර ගෙන සිටින රුසියානු හමුදා කණ්ඩායම් සඳහා සැපයුම් මාර්ගයක් ලෙස ද මෙම පාලම වැදගත් වනවා.

    රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, “කර්ච්” පාලමට එල්ල කළ ප්‍රහාරය සඳහා යුක්‍රේන හමුදාව “S -200” වර්ගයේ මිසයිල දෙකක් භාවිතා කර ඇති බවයි.

    එහෙත්, ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

    Latest News