ලෙබනනයේ සරණාගත කඳවුරක ඇති වූ ගැටුමකින් 7ක් මරුට

ජූලි 31, 2023

    ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    එයින්, එල් හිල්වේ සරණාගත කඳවුරේ ගැටුම් ඊයේ උත්සන්න වුණා. පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ෆාටා සංවිධානය සහ ප්‍රතිවාදී ඉස්ලාමීය කණ්ඩායම් අතරයි, ගැටුම සිදුව තිබෙන්නේ. මියගිය අය අතර, ෆාටා කමාන්ඩවරයෙකු සිටින බව, ආරක්ෂක අංශ නිවේදනය කරනවා. කඳවුරෙහි ආරක්ෂාව තහවුරු කර ගැනීමට සඳහා ප්‍රතිවාදී කණ්ඩායම් අතර ගැටුම් නිරන්තරයෙන් සිදු වනවා. ඉකුත් සෙනසුරාදා ඉස්ලාමීය අල්ශබාබ් කණ්ඩායමේ නායකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමග ගැටුම් උත්සන්න වූ බවයි, වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 31 ජූලි 2023 15:30

    Latest News