රුසියාවට බලපෑ දරුණු සුළි කුණාටුවෙන් 10 දෙනෙකු මරුට

ජූලි 31, 2023

    රුසියාවේ මධ්‍ය ප්‍රදේශයට ඊයේ බලපෑ දරුණු සුළි කුණාටුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

    මිය ගිය අය අතර, දරුවන් තිදෙනෙකු සිටින බව වාර්තා වනවා.

    අයහපත් සුළි කුණාටු තත්වයෙන් පුද්ගලයින් 76 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කලාප 8 කට බලපා ඇති දරුණු තත්වය හේතුවෙන්, ලක්ෂයකට ආසන්න නිවාසවලට විදුලිය ඇනහිටීම් වාර්තා වනවා. මාරි කඳවුරු භූමියේ සිටින පිරිසක් ද කුණාටුව හේතුවෙන්, අනතුරට ලක්ව තිබෙනවා. අනතුරු ඇගවීම් සංඥා නිකුත් කළ ද කඳවුරු භූමියේ සිටි පිරිස් එය සැලකිල්ලට නොගත් බවයි, බලධාරීන් කියා සිටින්නේ. කුණාටුව හමා එන අවස්ථාවේදී මාරි වනෝද්‍යානය ආශ්‍රිතව,
    සිය ගණන් ජනතාව කඳවුරු බැද සිටි බව, ආපදා කළමනාකරණ අංශ සඳහන් කරනවා. ප්‍රදේශ රැසක ගොඩනැගිලි 50 කට ආසන්න සංඛ්‍යාවක ද හානියට සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News