ඔස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් අනතුරකින් 04ක් අතුරුදන්

ජූලි 29, 2023

    ඔස්ට්‍රේලියානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

    ඔස්ට්‍රේලියාවේ "ක්වින්ස්ලන්ඩ්" වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ යානය මෙලෙස අනතුරට ලක් වූ බවයි, එරට බලධාරින් පවසන්නේ.  "ලින්ඩමන්" දූපතට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ දී ඔස්ට්‍රේලියානු හා අමෙරිකානු හමුදාවන් අතර පැවති රාත්‍රි පුහුනු අභ්‍යාසයක් අතරතුරදී ඔස්ට්‍රේලියානු හමුදාවට අයත් " එම්. ආර්. එච්. - 90 - තායිපෑන්" නැමති හෙලිකොප්ටර් යානය "හැමිල්ටන්" දූපත ආසන්නයේ දී " මුහුදට කඩා වැටී තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ දී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු සිටි බවයි, වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක අමාත්‍ය "රිචඩ් මාලස්" පවසන්නේ, අතුරුදන්වූවන් සෙවිමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. එම මෙහෙයුම් සඳහා අමෙරිකානු බලධාරින් ද එක්ව සිටින බව, ඔහු සඳහන් කරනවා.

    Latest News